හායි මගේ යාලුවනේ... කොහොමද ඉතින්... ගොඩක් දවසකට පස්සේ මම ඔන්න ආවා ඔයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේ දවස්වල ඉතින් අහස උසට ආර්ථිකේ ඉහල ගිහින්නේ. ඒ මදිවට දැං අව්ව සැරත් අහස උසටම නැගලා😁 කොහෙ හරි යන්නත් හරි mind set එකක් නෑ මේ රස්නෙත් එක්ක. එහෙම කියලා ඉතින් කරන්න තියෙන රාජකාරි නොකර ඉන්න බෑනේ.
Tuesday, 27 June 2023
සිංදු අහන ගමන් Mind එක Relax කරගමු.❤
Tuesday, 13 June 2023
ආදරයට ආදරය කරන්න❤
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්.....❤ ඒක නිර්වචනය කරන්නත් අමාරුයි කියලා තේරුම් ගැනෙන්නේ අපි පරිණත වෙනකොට.. අද මං කතා කරන්න යන්නේ ආදරේ දැනෙන එක පැත්තක් ගැන❤ ඒ තමයි සත්තුන්ගේ ආදරේ❤
මේ ආදරේ මට දැනුනේ මං campus එකේ ඉන්න වෙලාවක. මං campus එකේ කෑම කනකොට මගෙ ළඟට බලු පැටියෙක් ඇවිත් එයාගෙ ඔලුව මගෙ කකුල උඩින් තිබ්බා... මම සාමාන්‍යයෙන් සත්තුන්ට බය කෙනෙක්.. ඒක නිසා මං ගොඩක් බය උනා මාව හපයි කියලා.. බලු පැටියට යන්න කියන්න හිතුනත්, මම එතනින් හෙල්ලුනොත් මාව හපයි කියලා මට බය හිතුනා... ඒක නිසා මම හෙල්ලෙනෙ නැතිව ඉඳගත්ත විදියටම එහෙම්මම හිටියා..
අනේ ඉතින් විනාඩි පහක් වගේ වෙලාවක් ඔහොම මගෙ කකුල උඩ ඔලුව තියාගෙන ඒ බලු පැටියා හිටියා. එයා හරිම අහිංසක බැල්මක් තමයි දැම්මේ.. ඊට පස්සේ මට තේරුණා මාව ඒ බලු පැටියා හපන්නෙ නෑ කියලා... ඉතින් එයාට ඕනි උනේ එයාගේ චූටි බඩ පුරවගන්න කෑම වේලක්🥺❤ කෑම එක කකා හිටපු මට බත් කන්න හිත දුන්නේ නෑ ඒ බලු පැටියගේ අහිංසක බැල්ම දැක්කාම.
ඒත් campus එකේ canteen එක ඇතුලේ සත්තුන්ට කෑම දෙන්න බැහැ. ඒක නිසා ඒ බලු පැටියට කෑම දෙන්න උනේ නෑ...😞 මං ගොඩක් දුකින් තමයි canteen එකෙන් එළියට ගියේ.. ඊට පස්සේ මං දැනගත්තා අපි කන කෑම වලින් ඉතුරු කරන කොටස් ඒ පුංචි බලු පැටවුන්ට කන්න දෙනවා කියලා.... ඒක දැනගත්තට පස්සේ මට සතුටක් ඇති උනා අනේ ඒ පැටවු බඩගින්නෙ නෑ නේද කියලා..❤
අපේ campus එකේ බලු පැටවු ගොඩක් ඉන්නවා... හැබැයි එයාලා කවදාවත් මං දැකලා නෑ මනුස්සයෙක් පස්සේ පන්නගෙන හපන්න යනවා. එයලා හැම වෙලාවෙම කරන්නෙ අපේ campus එකේ මනුස්සයෙක් දැක්කාම සතුටු වෙලා නැට්ට වනන එක.... මොකද එයාලා කළගුණ කියන දේ හොඳට දන්නවා... ඔන්න ඉතින් මට අර බලු පැටියට කෑම දෙන්න බැරි උන එකට මං දුකින්නේ හිටියේ. ඊට පස්සෙ මට ආයෙමත් චූටි බලු පැටියෙක් හම්බුනා.. එයත් අරයා වගේම අහිංසක මූණක් දාලා කෑම ඉල්ලුවා.. මං ගොඩක් සතුටින් එයා එක්ක මගේ කෑම එක share කරගත්තා🤗.
Friday, 9 June 2023
තනිකම Positive විදියට දකිමු🤗
හායි මගෙ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. හොඳින් ඇති කියලා හිතනවා..🤗 අද මට මේ බස් එකේදි යනකොට හිතුන දෙයක් ඔයාලා එක්ක කියන්න හිතුනා.. ඒක ජීවිතේට වැදගත් වෙනවද? නැද්ද? කියන එක ඔයාලා තීරණය කරන්න...
මං කලිනුත් ඔයාලට කිව්වනේ අපේ ජීවිතේ හරි රහයි කියලා. ඒ ජීවිතේ හරි රහ වෙන්න බලපාන එකම එක දෙයක් තමයි තනිකම කියලා කියන්නේ. කියමනකුත් තියෙනවනේ, අපි ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙ තනියම කියලා. ඒත් ඔයාලා කවදාහරි දවසක හිතුවද අපි ජීවත් වෙන්නෙ තනියම කියලා? 🤔
අපි ඉපදුන කාලෙ ඉඳලා මැරෙනකම් අපි ජීවත් වෙන්නෙ තනියම. අපි වැඩිපුර වෙලාවක් ගත කරන්නෙ තනියම. ගොඩක් අය නෑ එහෙම නෑ අපි ඉන්නේ යාලුවෝ, පවුලේ අය එක්ක කිව්වට ගොඩක් දෙනා ඉන්නේ තනි වෙලා තමයි. පවුලේ එකම ළමයට විතරක් නෙමෙයි ජීවිතේ තනිකම දැනෙන්නෙ. සහෝදර සහෝදරියෝ ඉන්න අයටත් තනිකම දැනෙනවා.
ගොඩාක් අපට තනිකම දැනෙන්නෙ මොනාහරි ප්‍රශ්නයක් උනාම. මේ ලෝකේ මට කවුරුත් නෑ කියන හැඟීම ඇති වෙන්නේ අන්න ඒ වෙලාවට. කොහොම උනත් අපි අපිට දැනෙන තනිකම positive විදියට දකින්න ඕනි. ඒ postive විදියට හිතන්න ඕනි විදිය තමයි තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන එක❤
එහෙම කරනකොට ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ගොඩක් අය තමන්ට ආදරේ නැතිනිසා තමයි තනිකම කියන එක ගොඩක් වෙලාවට දැනෙන්නේ. ඔයාට ආදරය කරන්න ගත්තාම හිත රිදීම් ගොඩක් අඩුයි. තනියම තමගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්. ඉගෙනගන්න තැනක, වැඩ කරන ආයතනයක ඔය වගේ තනිවෙන ප්‍රශ්න එන්න පුලුවන්. එහෙම වෙලාවට ඔයා වෙනුවෙන් කාලයක් වෙන් කරලා ඔයාට ආදරය කරන්න❤
ඔයා ඔයාට ආදරය කරොත් විතරයි ඔයාට අනිත් අයට ආදරය බෙදන්න පුලුවන් ❤ තනිකම කියන්නේ ජීවිතේ හරි ලස්සන දෙයක්. ඒක අපි හිතන විදියයි වෙනස් කරගන්න ඕනි. කතාවෙන් කතාවෙන් මං බහින තැනටත් ළං වුණා.
එහෙනම් මේ වගේ ආයෙමත් ලස්සන දවසක හම්බෙමු. ඔයාලට හිතෙන දේත් පහලින් comment කරන්න අමතක කරන්න එපා🤗
ගතින් නැතත්, හිතින් තරුණ වෙන්න ඕනෙද? එහෙනම් මතක පොතක් අනිවාර්යයෙන් ඔයා ළඟ තියාගන්න❤
ජීවිතේ හරිම පුදුම විදියට වෙනස් වෙනවා නේද ? ඒත් එක්කම අපි එන්න එන්නම වයසට යනවා. අපි තරුණ කාලේ කරපු කියපු දේවල් ඒ විදියටම වයසට ගියාම කරන්න බැර...
-
මං මගේ ජීවිතේ ආසම දේ තමයි කොහේ හරි ඇවිදින එක.... කොහේ හරි ලස්සන තැනක් තිබුනොත් මං ගොඩාක් ආසයි ඒ පැත්තේ ඇවිදලා එහේ තියෙන ලස්සන තැන් බලන්න. කො...
-
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්.....❤ ඒක නිර්වචනය කරන්නත් අමාරුයි කියලා තේරුම් ගැනෙන්නේ අපි පරිණත වෙනකොට.. අද මං කතා කරන්න යන්නේ ආදරේ දැනෙන එක ...
-
හායි මගෙ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. හොඳින් ඇති කියලා හිතනවා..🤗 අද මට මේ බස් එකේදි යනකොට හිතුන දෙයක් ඔයාලා එක්ක කියන්න හිතුනා.. ඒක ජීවිතේට ...