දිනක් මාගෙන් කුඩා දරුවෙක් විමසූ කතාවක්.
සොහොයුරිය, ඔබට කවදා හෝ හොඳම මිතුරියක් මුණ ගැසී තිබේද? ඇය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට යාමේදී මගේ හදවත ගොලු විය. මගේ සිත අතරමං විය. කාලයෙන් කාලයට ආ එක් එක් වේශ මවාගත් යහලුවන් බොහෝමයක් මට හමු වී ඇත. නමුත් ඔවුන් මාගේ හොඳම යහලුවන් බව සිතේ තබා ගත්තද, ඔවුන එසේ නැත.
එය සියලු දෙනාට සිදුවබ ලෝක ස්වභාවය යැයි මා බොහෝ අවස්ථාවන් වලදී සිය්හේ මවාගත්තද සිතෙන් අත් හළ යුතු කාරණාවක් නොවේ. ජීවිතයේ එක් එක් කාර්තු වල මට ලැබුණු යාලුකම් විවිධාකාර වේ. හොඳ යහලුවන්, නරක යහලුවන්, හොඳ නරක දෙකම ඇත. මිතුරන් වැනි බොහෝ පිරිස් මා හට හඳුනාගෙන ඇසුරු කිරීමට ලැබී ඇත.
පාසල් වියේ දීද මා හට එසේමය. ඒ නිසා මා මානසික වශයෙන් වැටුණු අවස්තාද එමටය. නමුත් මා හට යා යුතුව ගමනක් ඇතැයි සිතා එවැනි දේ අමතක කර යාමට මා සිතා ගත්තේය.
ඉන්පසු මා හට සරසවි වරම් ලැබුණි. එතුළදීත් විවිධාකාරයේ සිතුම් පැතුම්, ගති පැවතුම් ඇති විවිධ වේශයන් මවා ගත් විවිධාකාර යහලුවන් බොහෝ ප්‍රමාණයක් සිට ඇත. නැවතත් පියවි සිහියට ආ මා මගෙන් ප්‍රශ්නය ඇසූ මිතුරියට මෙසේ කීවෙමි.
මා හට හොඳම මිතුරියක හෝ මිතුරෙකු නොසිටීම පිළිබඳව මම ඉතාමත් තෘප්තිමත් වෙමි. යහලුවන් සිටි නමුත් හොඳම මිතුරියන් මිතුරෙකු නැත. මන්ද, වාසොයට හෝ අවාසියට ළඟට එන්නා වූ මිතුරන්ට වඩා තනිව සිට තනිව නැඟිට යාමට මට ශක්තිය ඇති නිසාය. සරසවිට අදටත්, මතුවටත් මා හට දේවල් උගන්වාවි. සරසවිය තුළ අප සිටින්නේ තව සුලු කාලයකි. ඒ නිසා තනිව නැගිට ඉදිරියට යාමට සැමවිටම කටයුතු කරන්න.
No comments:
Post a Comment