Friday 9 June 2023

තනිකම Positive විදියට දකිමු🤗

හායි මගෙ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. හොඳින් ඇති කියලා හිතනවා..🤗 අද මට මේ බස් එකේදි යනකොට හිතුන දෙයක් ඔයාලා එක්ක කියන්න හිතුනා.. ඒක ජීවිතේට වැදගත් වෙනවද? නැද්ද? කියන එක ඔයාලා තීරණය කරන්න...

මං කලිනුත් ඔයාලට කිව්වනේ අපේ ජීවිතේ හරි රහයි කියලා. ඒ ජීවිතේ හරි රහ වෙන්න බලපාන එකම එක දෙයක් තමයි තනිකම කියලා කියන්නේ. කියමනකුත් තියෙනවනේ, අපි ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙ තනියම කියලා. ඒත් ඔයාලා කවදාහරි දවසක හිතුවද අපි ජීවත් වෙන්නෙ තනියම කියලා? 🤔

අපි ඉපදුන කාලෙ ඉඳලා මැරෙනකම් අපි ජීවත් වෙන්නෙ තනියම. අපි වැඩිපුර වෙලාවක් ගත කරන්නෙ තනියම. ගොඩක් අය නෑ එහෙම නෑ අපි ඉන්නේ යාලුවෝ, පවුලේ අය එක්ක කිව්වට ගොඩක් දෙනා ඉන්නේ තනි වෙලා තමයි. පවුලේ එකම ළමයට විතරක් නෙමෙයි ජීවිතේ තනිකම දැනෙන්නෙ. සහෝදර සහෝදරියෝ ඉන්න අයටත් තනිකම දැනෙනවා.

ගොඩාක් අපට තනිකම දැනෙන්නෙ මොනාහරි ප්‍රශ්නයක් උනාම. මේ ලෝකේ මට කවුරුත් නෑ කියන හැඟීම ඇති වෙන්නේ අන්න ඒ වෙලාවට. කොහොම උනත් අපි අපිට දැනෙන තනිකම positive විදියට දකින්න ඕනි. ඒ postive විදියට හිතන්න ඕනි විදිය තමයි තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන එක❤

එහෙම කරනකොට ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ගොඩක් අය තමන්ට ආදරේ නැතිනිසා තමයි තනිකම කියන එක ගොඩක් වෙලාවට දැනෙන්නේ. ඔයාට ආදරය කරන්න ගත්තාම හිත රිදීම් ගොඩක් අඩුයි. තනියම තමගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්. ඉගෙනගන්න තැනක, වැඩ කරන ආයතනයක ඔය වගේ තනිවෙන ප්‍රශ්න එන්න පුලුවන්. එහෙම වෙලාවට ඔයා වෙනුවෙන් කාලයක් වෙන් කරලා ඔයාට ආදරය කරන්න❤ 

ඔයා ඔයාට ආදරය කරොත් විතරයි ඔයාට අනිත් අයට ආදරය බෙදන්න පුලුවන් ❤ තනිකම කියන්නේ ජීවිතේ හරි ලස්සන දෙයක්. ඒක අපි හිතන විදියයි වෙනස් කරගන්න ඕනි. කතාවෙන් කතාවෙන් මං බහින තැනටත් ළං වුණා. 

එහෙනම් මේ වගේ ආයෙමත් ලස්සන දවසක හම්බෙමු. ඔයාලට හිතෙන දේත් පහලින් comment කරන්න අමතක කරන්න එපා🤗

   


20 comments:

Nimnadi Ramanayake said...

Of course, valuable idea 👌🥰

Anonymous said...

♥️♥️

Vipuni said...

💖💖💖

uththara sewwandi said...

❤️❤️

Iresha said...

😍😍😍

Ashani said...

❤️❤️

R. M. A. D. Rathnayaka said...

❤️❤️

kaushalya kumara said...

😍

Wanarathana said...

Good 👍

Wanarathana said...

🥲🥲

Chanusha weerasinghe said...

❤️❤️❤️

Thisara said...

Definitely right ❤💛

Pabasara said...

❤️❤️

Sanuri Wijesiriwardena said...

💕💕

Sandun said...

❤️❤️

Tharushi said...

🖤🖤🖤

Chalani Madushika said...

තමන්ට තමන්ව මතක් වෙන්නෙත් බොහෝ වෙලාවට ප්‍රශ්නයක් වෙලා තනියම ඒකට මුහුණ දෙන්න උනාමයි... එතනින් පස්සෙ තමන් වටේ කොච්චර පිරිසක් හිටියත්, අර කලින් දැණුනු තනිකම එහෙමම හැමදාටම දැනෙනවා. මොකද, ඒ වෙනකොටත් තමන් තමන් ගැන හිතන්න පටන් අරගෙනනෙ. ඉතින්, ඊට පස්සෙ තනිකමට ඇත්තටම මාරම විදිහට ඇබ්බැහි වෙනවා.. තනිකමට මාරම ආදරයක් දැනෙනවා.. තනිකම හරීම.... ආදරණීය දෙයක් බවට පත්වෙනවා. 🙂❤️

Harshana said...

❤️❤️

tharushi said...

Good job girl ❤️❤️😍🥺

PARADIGE JEEWITHE said...

Thank you All ❤

සිංදු අහන ගමන් Mind එක Relax කරගමු.❤

  හායි මගේ යාලුවනේ... කොහොමද ඉතින්... ගොඩක් දවසකට පස්සේ මම ඔන්න ආවා ඔයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේ දවස්වල ඉතින් අහස උසට ආර්ථිකේ ඉහල ගිහින්...