ආදරය කියන්නේ හරි පුදුම දෙයක්.....❤ ඒක නිර්වචනය කරන්නත් අමාරුයි කියලා තේරුම් ගැනෙන්නේ අපි පරිණත වෙනකොට.. අද මං කතා කරන්න යන්නේ ආදරේ දැනෙන එක පැත්තක් ගැන❤ ඒ තමයි සත්තුන්ගේ ආදරේ❤
මේ ආදරේ මට දැනුනේ මං campus එකේ ඉන්න වෙලාවක. මං campus එකේ කෑම කනකොට මගෙ ළඟට බලු පැටියෙක් ඇවිත් එයාගෙ ඔලුව මගෙ කකුල උඩින් තිබ්බා... මම සාමාන්‍යයෙන් සත්තුන්ට බය කෙනෙක්.. ඒක නිසා මං ගොඩක් බය උනා මාව හපයි කියලා.. බලු පැටියට යන්න කියන්න හිතුනත්, මම එතනින් හෙල්ලුනොත් මාව හපයි කියලා මට බය හිතුනා... ඒක නිසා මම හෙල්ලෙනෙ නැතිව ඉඳගත්ත විදියටම එහෙම්මම හිටියා..
අනේ ඉතින් විනාඩි පහක් වගේ වෙලාවක් ඔහොම මගෙ කකුල උඩ ඔලුව තියාගෙන ඒ බලු පැටියා හිටියා. එයා හරිම අහිංසක බැල්මක් තමයි දැම්මේ.. ඊට පස්සේ මට තේරුණා මාව ඒ බලු පැටියා හපන්නෙ නෑ කියලා... ඉතින් එයාට ඕනි උනේ එයාගේ චූටි බඩ පුරවගන්න කෑම වේලක්🥺❤ කෑම එක කකා හිටපු මට බත් කන්න හිත දුන්නේ නෑ ඒ බලු පැටියගේ අහිංසක බැල්ම දැක්කාම.
ඒත් campus එකේ canteen එක ඇතුලේ සත්තුන්ට කෑම දෙන්න බැහැ. ඒක නිසා ඒ බලු පැටියට කෑම දෙන්න උනේ නෑ...😞 මං ගොඩක් දුකින් තමයි canteen එකෙන් එළියට ගියේ.. ඊට පස්සේ මං දැනගත්තා අපි කන කෑම වලින් ඉතුරු කරන කොටස් ඒ පුංචි බලු පැටවුන්ට කන්න දෙනවා කියලා.... ඒක දැනගත්තට පස්සේ මට සතුටක් ඇති උනා අනේ ඒ පැටවු බඩගින්නෙ නෑ නේද කියලා..❤
අපේ campus එකේ බලු පැටවු ගොඩක් ඉන්නවා... හැබැයි එයාලා කවදාවත් මං දැකලා නෑ මනුස්සයෙක් පස්සේ පන්නගෙන හපන්න යනවා. එයලා හැම වෙලාවෙම කරන්නෙ අපේ campus එකේ මනුස්සයෙක් දැක්කාම සතුටු වෙලා නැට්ට වනන එක.... මොකද එයාලා කළගුණ කියන දේ හොඳට දන්නවා... ඔන්න ඉතින් මට අර බලු පැටියට කෑම දෙන්න බැරි උන එකට මං දුකින්නේ හිටියේ. ඊට පස්සෙ මට ආයෙමත් චූටි බලු පැටියෙක් හම්බුනා.. එයත් අරයා වගේම අහිංසක මූණක් දාලා කෑම ඉල්ලුවා.. මං ගොඩක් සතුටින් එයා එක්ක මගේ කෑම එක share කරගත්තා🤗.